(කුසල් ප්‍රදීප්)
ඉන්දියවේ පන්ජාබ්  ප්‍රාන්තයේ පතන්කෝට් ගුවන් කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අද අළුයම 03.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව  ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සාර්ථකව මැඩපැවැත් වූ බව ඉන්දිය යුධ හමුදා ප්‍රකාශකවරයා පවසා තිබේ.

මෙහිදී ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදින් සිව් දෙනෙකු ඉන්දිය ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මියගොස් ඇති අතර හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ද ප්‍රහාරවලින් මියගොස් ඇති බව  ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් තවත් ආරක්ෂක අංශ සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

මෙම ප්‍රහාරය සදහා 05 දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් ඉන්දිය යුධ හමුදා ඇඳුමින් සැරසී සිට ඇති බව ද සඳහන්ය.

එමෙන්ම ඔවුන් අදාළ ප්‍රහාරය එල්ල කිරිමට පැමිණිම සඳහා  දා  ඉන්දිය පොලිස් නිල රථයක් යොදා ගෙන ඇති බව ද ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.