රුසියානු ප‍්‍රහාරක යානයක් විනාශ කිරීම මගින් තුර්කිය රුසියාවේ පසුපසට පිහියෙන් ඇන්න බව එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ රුසියානු නියමුවන් ජීවිත අවදානම භාරගනිමින් ත‍්‍රස්තවාදී තර්ජනය පරාජය කිරීම සඳහා සටන් වදිමින් සිටියදී ISIS ත‍්‍රස්තවාදයට සහය පළ කළ තුර්කිය මෙම ද්‍රෝහී ක‍්‍රියාව සිදුකළ බවයි.

තුර්කි දේශසීමාවට කිලෝමීටරයක් පමණ දුරින් මීටර් 6000ක් පමණ මට්ටමකින් පියාසර කරමින් සිටි රුසියානු SU-24 බෝම්බ ප‍්‍රහාරක යානයට තුර්කි යානයක් විසින් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවත් යානයේ සුන්බුන් ඇත්තේ තුර්කියට කිලෝමීටර් 4ක් දුරින් බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.