නව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා යුරෝපා සංගමයේ පුර්ණ සහය ලබාදෙන බව මෙරට නව යුරෝපා සංගම් තානාපති තුන් ලායි මාර්ග් මහතා ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකාවේ නව යුරෝපානු සංගම් තානාපතිවරයා ලෙස වැඩ බාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තුන් ලායි මාර්ග් මහතා මේ බව සඳහන් කළේය .

දෙරට අතර ද්විපාර්ශවීය සම්බන්දතා තවදුරටත් ශක්තිමත් කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බව නව තානාපතිවරයා මෙහිදී පැවසීය.

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු වන මාර්ග් මහතා අප්‍රිකාවේ හා මැදපෙරදිග රටවල් රැසක යුරෝපානු නියෝජිතයකු ලෙස සේවය කර ඇත.