ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය නිදහස පසුගිය වසර තුලද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර නොමැති බව “දේශසීමා නොමැති වාර්තාකරුවෝ” නැමැති ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය සිදුකල නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

පැරිසිය මූලික කර ගත් ” දේශසීමා නොමැති වාර්තාකරුවෝ”සංවිධානය විසින් පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 141ක් වන ස්ථානයයි .

” දේශසීමා නොමැති වාර්තාකරුවෝ”සංවිධානය පසුගිය වසරේ නිකුත් කල ශ්‍රේණිගත කිරීම්වලද ශ්‍රී ලංකාව රැදී සිටියේ 141 වන ස්ථානයේමය.

රට තුල පවතින මාධ්‍ය නිදහසට අදාලව , මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර , පුවත් වාරණය , ව්‍යවස්ථාපිත ව්‍යුහයන් , නීතිමය තත්වයන් , මාධ්‍ය සඳහා යටිතල පහසුකම් ආදිය සලකා බල මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇත.

මාධ්‍යවේදීන්ට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් වත්මන් රජය යටතේ යම් විමර්ශන ක්‍රියාත්මක කෙරුණ ද එය ප්‍රමාණවත් නොවන බව අදාළ වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වා ඇති කරුණූ අතර වේ.

මෙවර රටවල් 180ක් මෙම සමීක්ෂණය සඳහා ඇතුළත්ව ඇති අතර අදාළ වාර්තාවට අනුව මාධ්‍ය නිදහස ඉහළම රට ලෙස නෝර්වේ රාජ්‍යයත්, පිළිවෙලින් ස්විඩනය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය මුල් ස්ථාන පහ අතර පසුවේ.

මෙම ශ්‍රේණියේ අවසන් තැන හිමිව ඇත්තේ උතුරු කොරියාවටය . චීනය, සිරියාව, ටර්ක්මෙනිස්ථානය, එරිත්‍රියාවද අවසන් ස්ථාන 05ට එක්ව ඇත.

ඇමෙරිකාව මෙම ශ්‍රේණියේ 43 වන ස්ථානයේ රැදී සිටින අතර ඉන්දියාව 136 වන තැන වේ. .https://rsf.org/en/ranking/2017

https://rsf.org/en/ranking/2017