ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ නිලධාරීන් 50 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමකට මෙරට ඡන්දදායකයන්ගේ ප්‍රශ්න වලට හොඳින් අවධානය යොමුකොට ඒවා විසදීමට සහය වනු පිණිස ජනවාරි 28-29 යන දෙදින අන්තර්ජාතික සංවර්ධනය සඳහාවූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ඇ.ඩො.509,000 (ශ්‍රී ලංකා රු.මිලි. 73)වූ ව්‍යාපෘතියේ කොටසක් ලෙස සිංහල හා දෙමළ යන භාෂාවන් ගෙන් පැවැත්වින. මෙහි අරමුණ වුයේ කාර්යක්ෂම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවට හොඳ සේවයක් සැපයීමට ශක්තියක් වීමයි. එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතාගේ ප්‍රකාශයේද මෙය සඳහන් විය.

මෙම වැඩසටහන පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යංශය සමග සහයෝගයෙන් දෙවන වරටත් පැවැත්වින. මෙහිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මුල්‍ය සැකසුම්, අයවැය, පර්යේෂණ, මහජන සම්බන්ධතා හා වෘත්තිය සංවර්ධනය පිළිබඳව තාක්ෂණික සහය ලබා දෙන ලදි.