ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අක්ෂී බැංකුව මඟින් චීනයේ අක්ෂි රෝහලක් වෙත අක්ෂි කුනීත 60ක් පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ පසු ගිය 20 වෙනිදා ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාව හා චීනය අතර රාජතාන්ත්‍රික සබඳතා පවත්වා වසර 60ක් පිරීම නිමිත්තෙන් කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වුනු උත්සවයකදීය. මෙහි දී සංකේතාත්මක වශයෙන් අක්ෂි කුනීන කිහිපයක් පරිත්‍යාග කරන ලදි. එහි දී එම අක්ෂි කුනීත ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අක්ෂි බැංකුවේ ජේෂ්ඨ කලමණාකාර ජනත් මාතර ආරච්චි මහතා විසින් චීනයේ විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන ජනතා සංගමයේ උප සභහපතිනි ලින් යී මහත්මිය (Lin Yi – Vice President, The Chinese People’s Association for Friendship with Foreign Countries) වෙත පිළිගන්වනු ලැබීය. මේ සඳහා ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභහපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා ද එක්ව සිටියේ ය.