ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවන් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය මේ වනවිට පෙරටත් වඩා වැඩි අවධානයක් යොමු කොට ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රකාශ කර සිටී.

තුන් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මෙරට නව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා සමග නව දිල්ලියේදී පෙරේද (09)පැවති විශේෂ සාකච්ජාවකදී මෝදී මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජය සමග සමීප දේශපාලන සබඳතා පැවැත්වීමටද ඉන්දීය රජය අපේක්ෂා කරන බව නරේන්ද්‍ර මෝදී මහතා මෙහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සමග පවතින වෙළඳ සබදතා මේ වනවිට ඉතා යහපත් මට්ටමකට පැමිණ ඇති බවද නරේන්ද්‍ර මෝදී මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ඉන්දීය සංචාරය තිලක් මාරපන මහතා විදෙස් කටයුතු අමාත්‍යවරයා ලෙස සිදුකල ප්‍රථම නිල විදෙස් සංචාරය වන අතර ඒ මහතා මෙහිදී ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සමගද සාකච්ජා පැවැත්වීය