අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඩිංගි යාත්‍රා 42 ක් සහිත නාවික සහන කණ්ඩායම් 42 ක් ගංවතුර අවධානම පවතින ප්‍රදේශ වලට යොමු කොට ඇත. ඔවුන් සඳහා ආපදා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් අද (26) සවස වන විට නාවික පුද්ගලයින් 261 දෙනෙකු අනුයුක්ත කොට තිබිණි.

ඒ අනුව, දකුණු පලාතේ ගං වතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 18 ක් යොදවා ඇති අතර, බස්නාහිර පලාතේ ගං වතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට ආපදා සහන කණ්ඩායම් 24 ක්ද යොදවා ඇත. කඹුරුපිටිය, නෙළුව, ඉමදූව, වඳුරඹ, පිටබැද්දර, අකුරැස්ස, මාතර, දෙයියන්දර, හේනකඩුව, හුංගම, පාදුක්ක, හංවැල්ල, මතුගම, පුවක්පිටිය, බුලත්සිංහල, බඳුරලිය, කළවාන, උඩුගම සහ පිටිගල යන ප්‍රදේශයන්හි මෙම මුදවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.

[story-lines]
එමෙන්ම, තව දුරටත් නාවික හමුදාව විසින් අවතැන් වූවන් මුදවා ගැනීමේ සහ ඔවුන්ට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක

හදිසි ආපදා ක්ෂණික ඇමතුම්               117
සාමාන්‍ය ඇමතුම්                    

011 2136136

හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය

011 2670002

011 2136222

ෆැක්ස් අංකය 011 2670079
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දුරකථන අංකයන්
 
රන්තපුර දිස්ත්‍රික්කය               

0452222235 / 0714423760

කළුතර දිස්ත්‍රික්කය

034 2222235 / 0716814813

ගාල්ල දිස්ත්‍රික්කය 0912234235 / 0714415377
මාතර දිස්ත්‍රික්කය 0412222235 / 0776864397
හම්බන්තොට දිස්ත්‍රික්කය 0472256235 / 0714441612
කොළඹ දිස්ත්‍රික්කය 0112369134 / 0773184910
ගම්පහ දිස්ත්‍රික්කය 0332222235 / 0773273507
කෑගල්ල දිස්ත්‍රික්කය 0352222235 / 0773633293

[FAG id=741]