ඊයේ(20) පැවති ශ්‍රී ලංකා චීන රාජතාන්ත්‍රික සබදතාවයට වසර 60ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වුනු උත්සවයට සමගාමීව අද(21) දිනයේ කොළඹ ගලදාරි හෝටලයේ ශ්‍රී ලංකා චීන කාන්තා මිත්‍රත්ව සංගමයේ විශේෂ උත්සවයක් පැවැත්වින. ඒ සඳහා චීන ජාතික මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ කාන්තා සංවිධාන වල සහභාගිත්වයක් දක්නට ලැබිණ. මෙහි දී දෙරට අතර කාන්තාවන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවි ගැන්වීම පිළිබඳව විශේෂයෙන් කතා බහට ලක් විය. තවද වෛද්‍ය අජිත් අමරසිංහ මහතා අතීත චීන ශ්‍රී ලංකා සබඳතාවයන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදි.

 

[FAG id=577]