චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතාවයට වසර 60ක් පිරීම නිමිත්තෙන් අද(20) දින විශේෂ උත්සවයක් කොළඹ ගලදාරී හෝටලයේ දී ශ්‍රී ලංකා සහ චීන සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමය (ASLCSCC) මඟින් පැවැත්වින. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමෙන්තු ගරු කතා නායක කරූ ජයසූරිය මහතා සහභාගී වූ අතර. ඊට අමතරව බස්නාහිර පළාත් ගරු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා ද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස මහජන චීන සමූහාණ්ඩුවේ මෙරට තානාපති කාර්‍යාලයේ දේශපාලන උපදේශක වරිය වන පැන්ග් චුන්ක්ෂු මහත්මිය ඇතුළු විශාල චීන නියෝජිතවරු පිරිසක් මෙයට සහභාගී වූහ.

මෙහි දී උත්සව සභාව ඇමතූ ගරු කතා නායක කරූ ජයසූරිය මහතා මෙරට ප්‍රධාන පෙලේ සංවර්ධන ක්‍රියාවලි කිහිපයක් වන කොළඹ වරාය නගරය ඉදිකිරීම, ගුවන් තොටුපල සංවර්ධන කටයුතු හා අධි වේගී ඉදි කිරීම් ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා චීන රජය ලබා දෙන සහයෝගය ඉතා විශිෂ්ට බව කියා සිටියේ ය.

[FAG id=570]